MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

2 Lava 2 Lantula! (2016) with Sinhala Subtitles | ගිනි මකුණෝ 2 [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

2 Lava 2 Lantula (2016)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් තුන්වන චිත්‍රපටය අරන් ආවා. මම මේකේ පලවෙනි කොටස Lavalantula (2015) කලින් ඔයාලට දීලා තියනවා නේ. මේ අවුරුද්දේ මේක එනවා කියල දැනගෙන හිටියත් අගෝස්තු හය වෙනිදා තමා මේක නිකුත් උනේ. ඉතින් එතකොටම සමීර කරුණාරත්න සහෝදරයා මාව දැනුවත් කළා. කේබල් සහ රුපවාහිනී චිත්‍රපටයක් විදියට නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටය Horror, Sci-Fi, Thriller ගණයට අයිති වෙනවා. IMDb අගය 4.9 අරන් තියන චිත්‍රපටයක් හින්ද කතාව හොඳයි කියල කියන්න පුළුවන්. ඒත් මේකේ පරිගණක සජීව කරන දර්ශන වල තත්වය පලවෙනි එකේ වගේමයි. අඩු වියදම් චිත්‍රපටයක් හින්ද උසස්ම විදියට බලාපොරොත්තු වෙන්න එපා. ඒත් දර්ශන නරක නැ කියල කියන්න පුළුවන්.

ඉතින් කතාවේ හැටියට කොල්ටන් වෙස්ට් දැන් ජනප්‍රිය චරිතයක්. මොකද ලොස් ඇන්ජලිස් වල ගිනි මකුණෝ ආවම උන් විනාශ කලේ එයානේ. ඉතින් එයාගේ චිත්‍රපට රඟපෑම් ජීවිතය සාමාන්‍ය විදියට ගතකරමින් ඉන්න කොට එයාට දැනගන්න ලැබෙනවා ෆ්ලොරිඩා වල ගිනි මකුණෝ මතුවෙලා කියල. ඒක එයාට වැදගත් වෙන්නේ එයාගේ දුවත් ඒ වෙලාවේ එතන ඉන්න හින්ද. ඉතින් එයා බේර ගන්න බලන ගමන් දෙවෙනි වරටත් ගිනි මකුණන් විනාශ කරන්න හදන එක තමා මේ චිත්‍රපටය.

මේකේ උපසිරසි හදල තියෙන්නේ කැමරා කොපි එකකට නෙවි. DVDRip වගේම ඕනනම් 720p වීඩියෝ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙලා තියනවා. මේ උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. මම ඊළඟට දෙන්න යන්නේ ලස්සන ආදර කතාවක් වගේම ඔයාල හොඳටම දන්නා කතාවක්. ඒත් පැරණි කලාත්මක චිත්‍රපටයක්. ඉතින් හමුවෙමු ඒකෙන්. මම යනවා.

බුදු සරණයි …..!

2 Lava 2 Lantula! (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

2.Lava.2.Lantula.2016.hdtv.x264-w4f

2.Lava.2.Lantula.2016.720p.hdtv.x264-w4f

2 Lava 2 Lantula 2016 HDRip 720p x264 AAC MAXPRO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2643 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

25 thoughts on “2 Lava 2 Lantula! (2016) with Sinhala Subtitles | ගිනි මකුණෝ 2 [සිංහල උපසිරසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ අනික කවුද අප්පේ මේ අපි නොදන්න හිටපු ඇඩ්මින්? ඉස්සර ඉඳන් උන්න ඇඩ්මින්ලා ඔක්කොම වගේ තාම ඉන්නවනෙ. මේ අපි නොදන්න ඇඩ්ඩින් කවුද බොලේ? 😛 😛

    Reply
  • Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • An Ex-Admin A.K.A You Know One

    මොන පයි@#@? මේ හැම වෙලාවෙම about link කියලා එන්නේ. හරියට ඇඩ් එකක්වත් දා ගන්න බැරිද තොපිට? ඕන තරම් ඇඩ් දා ගෙන සල්ලි හොයා ගෙන site එක කරගෙන පලයල්ලා. දෙවියොත් තොපිට ආශීර්වාද කරයි. හැබැයි මේ වගේ බලු වැඩ කරන්න එපා. ඇඩ්මින් කෝ උඹ නිදිද? උඹ මේවා හොයලා බලන් නැද්ද?වැඩක් කරනකොට කරපියකෝ අනිත් අයත් සතුටු වෙන විදිහට. හොඳට තිබ්බ site එකට කෙලවලා කීයක් හොයා ගත්තත් මොකටද මහත්තයෝ. පේක්ෂකයෝ site එකට එන්නේ සබ් එකක් බාන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙම කරද්දී මේ මඟුලේ pop up open වෙද්දී කොහොමද යකෝ හිත හොඳින් site එක වෙනුවෙන් කමෙන්ට් එකක්වත් දාලා යන්නේ? හිතපන්කෝ ඒ ගැනත්. අනික මේ site එක උබේ දේපලක් කියන්නේ කොහොමද? කී දෙනෙක් නම් කොල්ලෝ කෙල්ලෝ හදපු සබ් ද මේකේ තියෙන්නේ. ඉතිං මහත්තයෝ බදා ගෙන කන්න හදන්න එපා. මේ කොල්ලෝ කෙල්ලෝ ටික නැත්තම් උබ කොරයි site ඒක. ඒ වගේම සබ් බාන කට්ටිය. බාන උන් බෑවේ නැත්නම් උබේ site එක වේලෙනවා. එතකොට බලා හිටහන් උබට මේන් කියලා ඇඩ් හබ්බවෙයි. උබේ site එකේ දාන්න. ඇඩ්මින් කෙනෙක් හැටියට කරන්න ඕන site එක ගොඩනගන එක මිසක් හොඳට තියෙන එකට කෙලවන එකද? ඒ ගැන හිතපන්. අපේ කාලේ නම් අපි කලේ එහෙමයි.

    Reply
    • දැන් ඇති. මගෙත් සීමාව පැන්නා. An Ex-Admin A.K.A You Know One. කියපන් උඹ ඇඩ්මින් උනේ හිනෙන්ද.
      about link කියන්නේ මොකක්ද දන්නේ නැති, සංවරව කතාකරන්න බැරි, අඩුගානේ හරියට සිංහලවත් ලියා ගන්න බැරි එකෙක්ට ඇඩ්මින් වෙන්න පුළුවන් හිනෙන්ම තමා. අනික මේකේ කිසිම කෙනෙක්ට ගෙදරට ගිහින් තර්ජනය කරලා සබ් කරගෙන නැ. තර්ජනය කරලා සයිට් එකට ගෙන්න ගෙන නැ. ඒක හින්ද උඹවගේ එකෙක්ට කතා කරන්න කිසිම අවශ්‍යතාවක් නැ. අතින් වියදම් කරන් කරන මේ සයිට් එක නවත්තල දැම්මොත් ඇඩ්මින්ලට පාඩුවක් නෙවි වෙන්නේ ලාබයක්. මොකද අතේ තියන කියක් හරි ඉතිරි වෙනවා එයාලගේ. ඉතින් උඹට කියන්න තියෙන්නේ ගිහින් හොඳට පොරෝගෙන නිදා ගනින්. එතකොට සමහරවිට මයික්‍රසොෆ්ට් එකේ අයිතියත් හීනෙන් ලැබෙන්න බැරි නැ.

      Reply
      • An Ex-Admin A.K.A You Know One

        හා හා ඔය තියෙන්නේ පහර..! දැන් කාට කාටත් තේරෙනවා ඇති නේද මේ හිසරදකාරී pop up එක මේ site එකට එක් කිරීමට යෝජනා කරපු හොඳින් සිංහල කතා කරන්න දන්න මහත්තයා කවුද කියලා? මොකද අර වගේ කමෙන්ට් එකක් දැක්කම එහෙම අයට ගොඩාක් රිදෙනවා. ලෝගන් මහත්තයෝ මේකත් අහගන්න. මං මේ site එකේ run කරන්නේ උබ සබ් හදන්න පටන් ගන්න තියා සබ් එක කරන්නේ මොකටද කියලා හිතන්නත් කලින් හරිද? site එක ගැන කැක්කුමක් තියෙන හින්දා තමා වැරැද්ද පෙන්නලා දුන්නේ. නැතුව site එකට ඊර්ෂයා කරන්නවත්, මේක අවුල් කරලා දාන්නවත් නෙමේ. අනික ඕන තරම් org site පවා තියෙනවා එක pop up එකක්වත් නැති. මං මේ කතා කරන්නේ ad ගැන නෙමේ. pop up ගැන. (ඒකනේ උඩින් කිව්වේ ඕන තරම් ad දා ගන්න කියලා.) මට වඩා හොඳට ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ, මොකද ඔබතුමා තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක්නේ. හරි නම් හරි වැරදි නම් වැරදි ඉගෙන ගනිං එහෙම ඉන්න. හරි දේ අගය කරනවා වගේම තමා මොකක් හරි අවුලක් තිබ්බොත් ඒක නිවැරදි කරන්න කියන කොට මෙතන ඇවිත් බුරන උබලා වගේ උන් තමා ඇත්තටම මේ site එකට ඊර්ෂයා කරන්නේ, මොකද එතකොට ලස්සනට තිබ්බ site එක කුණු ගොඩක් උනාම උබලට සතුටුයිනේ. මට මෙහෙම site එකත් තිබ්බ නම් මං කරන්නේ ඒක. අනිත් අයගේ උපදෙසුත් අරගෙන site එක කරනවා. ඒ වෙනුවට උබලා කරන්නේ වැරක්දක් පෙන්නලා දුන්නම ඒක නිවැරදි කරනවා වෙනුවට මෙතන මඟුලේ තර්ක ගේන එක. ඉතිං ශී‍්‍ර ලාංකික සයිබර් අවකාශයේ වැඩ සිද්ධ වෙන්නෙත් එහෙම නම් සැබෑ රට තුළ කවර කතාද නේද මහත්තයෝ? ඉතිං‍ අපි ජාතියක් වශයෙන් ඉස්සරහට යයිද? මුළින් කවුරුහරි මොකක් හෝ කීවාම සංවේදී වෙන්න ඉගෙන ගනිං. අනික මේක කියන්නේ උබට මනුස්සයෙක් කතා කරන භාෂාවෙන් මනුස්සයෙක්ව මනින්න යන්න එපා මහත්තයෝ. මොකද ඔය ගොඩක් සංවරව කතා කරන උන්ගේ කතාව සංවර උනාට උන් කරන වැඩ සංවර නෑ. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. මං උබ එහෙමයි කියනවා නෙමේ. නමුත් බහුතරක් එහෙම තමා. අත්දැකීමෙන් කියන්නේ .ඒක හින්දා ඔබතුමා කතාවෙන් මිනිස්සුන්ව මනින්න යන්න එපා හොදේ..!

        Reply
        • හසන්ත

          ඉතින් ඔබතුමාගේ නම කියල වෙන නම් වලින් එන්නේ නැතුව ඇඩ්මින්ලට වෙනම කිව්වනම් මොකෝ. අනික VPN වලින් කමෙන්ට් දාන්න දෙයක් නැහැනේ. සයිට් එකේ උන්නු ඇඩ්මින් කෙනෙක් නම් ඔහොම වෙන්න බැහැ මොකද හිටපු සහ ඉන්න ඇඩ්මින්ලා හොඳ කොන්ද පණ තියෙන කොල්ලෝ ටිකක්. මොකද මේකේ පඳුරට ගැහුවම විසික් වෙන්න තරම් ඇඩ්මින්ලා නැහැ. ඔබතුමා හොර නම් වලින් නැතුව තමන් කවුද කියල හඳුන්වල දීල කියන දෙයක් කිව්වා නම් අන්න ඒකයි පිරිමි කම. මොකද මම වත් අසංක වත් ඔහොම ෆේක් අයිඩි වලින් VPN වලින් කමෙන්ට් කරන්නේ නැහැ. සයිට් එක මෙච්චර දුරකට ආවේ මීට කාලෙකට කලින් ගුරා වගේ කෙනෙක් සයිට් එකක් පටන්ගෙන එකේ රොයිලි වගේ අය සිංහල සබ් දෙන්න පටන්ගෙන ඒ වගේ තව තව පිරිස එකතු වෙලා සහ හැමදාම අපිව විශ්වාස කරලා මෙතනට එන අය නිසා. එහෙව් සයිට් එකක් දුවන්න සල්ලි නැති වෙනකොට කරන්න කිසිම දෙයක් නැතිවෙනකොට අපිට තියෙන අන්තිම ඔප්ෂන් එකට යන්න උනා මිසක් මේකෙන් කන්න හම්බ කරගන්න කිසිම උවමනාවක් මේකේ කාටවත් නැහැ. ඒ නිසා ඇත්ත නමකින් මේක ප්‍රකාශ කළා නම් මේකේ මීට වඩා වලංගුතාවයක් සහ ගතයුත්තක් තියෙන්න තිබ්බා. මොකද මේ වගේ ලොකු ලොකු කතා අපි සර්වර් මාරු කලත්, සයිට් එකේ තීම් එක වෙනස් කලත්, සයිට් එකේ සබ් අඩුවෙන් දුන්නත් වැඩියෙන් දුන්නත් කියනවා. ඉතින් ඔව්වා සාමාන්‍ය දේවල්. මම අසංකට කියන්නේ මෙව්වා ගණන් ගත යුතු දේවල් නෙමේ. නියම නමක් තියෙන කෙනෙක් දෙයක් කිව්වොත් එයට පිළිතුරක් දෙන්න. මොකද මම හිතන්නේ අසංකට මේ වගේ කමෙන්ට් එකක් ලැබුන ප්‍රථම වතාව නිසා මේ ගැන කියන්න හිතුවේ. හිටපු ඇඩ්මින් මහත්තයෝ ජයවේවා එහෙනම් 😀

          Reply
          • මා විසින් හැමදා අගය කරන හසන්ත අයියාගේ පිිළිතුරු දී ඇති පිළිවෙල ඉතා අගය කොට සලකමි. කුමන ගැටළුවකදී වුවද ආවේග වලට වහල් නොවී ඉතා සංයමයකින් එ් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම මහත්මා ගුණයකි.
            ඉහත “An Ex-Admin A.K.A You Know One” යන පුද්ගලයා කුමන කාරණයක් ඉස්මතු කිරීමට උත්සහ කළද කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය කිසිවෙකුගේ ප්‍රසාදයට ලක්නොවේ.

            Reply
        • මොකද ඔබතුමා ඉතින් හොරෙන් ඇවිත් මෙතන කමෙන්ට්ස් දාන්නේ. කොන්ද පණ නැද්ද ඔබතුමාගේ.. අනික An Ex-Admin කෙනෙක් කියලත් තියෙනවනේ. පරණ ඇඩ්මින්ලා තාමත් ඉන්නව කියලා රොයිලි අයියා කියලා තියෙනවා. පරණ ඇඩ්මින් කෙනෙක් නම් ඇඩ් දැම්මේ මොකද කියලා හොඳටම දන්නවනේ. මේකේ නම් ඇඩ්මින් කෙනෙක් වෙන්න බෑ. වෙන මොකක් හරි අටමගලක ඇඩ්මින් කෙනෙක් වෙන්න ඇති. LOL

          Reply
  • Withanage Priyantha Dayakeerthi

    ලකී සහ Namdalek2 දෙදෙනාවෙත, සමාවෙන්න සහෝ මම කිව්වේ ආදායමක් ලැබෙන දැන්වීම් ගැන නොවෙයි. මේ ක්ලික් කරන වාරයක් පාසා පැමිණෙන about link නාමයෙන් පැමිණෙන add එක ගැනයි. මමත් මේකට උපසිරසි සපයන කෙනෙක් සහ කිසියම් මුදලකින් උදවු කළ කෙනෙක්, එමෙන්ම ඔය දෙන්නට වඩා මෙහි යහපත වෙනුවෙන් යමක් කරන කෙනෙක් කියා මා සිතනවා.

    Reply
    • Withanage Priyantha Dayakeerthi

      මෙය බාධාකාරී තත්වයක්ම නිතර ඇති කරනා නිසා මා සිතුවේ නැහැ මෙය ඇඩ්මින් එක මඟින් දැමූ ඇඩ් එකක් කියලා, එය මට සිදූවූ වැරදීමක්, එයට නැවතත් සමාව අයදින අතර මෙම වෙබ් එක ගැන ඊර්ශ්යාවෙන් සිටින තැනැත්තන් මාගේ ඉහළින් ඇති කමෙන්ටුව උපයෝගී කරගෙන මෙයට පහර ගැසීමටත් ඉදිරිපත්වෙලා. නමුත් මෙහි උපසිරසි බාගෙන මේ තුළ සිටි සාමාජිකයන් දන්නවා පසුගිය කාලේ සහ වර්තමානයේ මෙය පවත්වාගෙන යන්නේ ඇඩ්මින් එක කොතරම් කැපවීමෙන්ද කියලා. මෙම වෙබ් එකට ආදරය කරනා සහ මේ තුළ සිටි කෙනෙක් වෙන්නට නම් බැහැ පහත කමෙන්ටුව දාලා තිබෙන An Ex-Admin… නාමය සඳහන් තැනැත්තා. ඒ වගේ ප්‍රේක්ෂකයෙක් මෙහි ඇත්තටම සිටියානම් ඔහු මෙතෙක් කල් මේ තුළින් බාගත් උපසිරසි ප්‍රමාණය ගැන ඇත්තෙන්ම කනගාටුයි. එමෙන්ම මා යෝජනා කරනවා වෙබ් එකට පැමිණෙන විට එක් වරක් පමණක් ඒ ඇඩ් එක දර්ශනයවීමට ක්‍රමයක් යෙදුවොත් හොඳයි කියා. එයද යෝජනාවක් පමණයි, විවේචනයක් නොවෙයි, ඒ මන්ද මේ වෙබ් එකට මා ඇතුළු විශාල පිරිසක් අවංකවම ආදරය කරනා බව දන්නා නිසා, ස්තුතියි!

      Reply
  • උඹ නම් මහා ගොන් අවලමෙක් බන්. සයිට් එකේ ad දාන්නේ සයිට් එක කරන ඇඩ්මින්ලා බව දැන දැන උන්ටද උඹ ඔය දෙස් තියන්නේ. යකෝ උන් කාලයක් තිස්සේ සල්ලි නැහැ කියල ඉල්ලුවම එකෙක් දුන්නේ නැහැ. උඹ නම් සතයක් වත් දෙන්න නැතුව ඇති ගස් ගෙවලයා. උන් කීයක් හරි හොයාගෙන සයිට් එක දුවන්න හැදුවම උන්ගේ ජාතකේ හොයනවා. උඹත් මේකේ සබ් දුන්නු හිකනලෙක් නේද? ලාවට වගේ නම මතකයි. ඒ ගුණේ වත් තියපන් කන පතේ පහරන්නේ.

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර උපසිරසියට වගේම ඔබගේ මේ කැපවීමට ගොඩක් ස්තුතියි! ඔයාලා වගේ යහපතක්ම කරන දරුවන් මේ ලොවට බිහිවීම වාසනාවක් සේම, මේ වෙබ් එකට ලොකු “හිසරදයක්” වී ඇති add එකතු කළ අපතයා බිහි කළේ කවුද දන්නේ නැහැ නේද? මේ මිහිකත ඔවුන් වැන්නන්ට නොමිලේ දෙන හුස්ම පොදත් අපරාදේ.

    Reply
    • ලකී

      add දාන්නේ ඇඩ්මින්. නැත්නම් මේ සයිට් එක කරන් යන්න බැරි වෙනවා. සයිට් එක කරන්න සල්ලි අවශ්‍ය වන නිසා තමා ඇඩ් දාලා තියෙන්නේ

      Reply
    • An Ex-Admin A.K.A You Know One

      මොන පයි@#@? මේ හැම වෙලාවෙම about link කියලා එන්නේ. හරියට ඇඩ් එකක්වත් දා ගන්න බැරිද තොපිට? ඕන තරම් ඇඩ් දා ගෙන සල්ලි හොයා ගෙන site එක කරගෙන පලයල්ලා. දෙවියොත් තොපිට ආශීර්වාද කරයි. හැබැයි මේ වගේ බලු වැඩ කරන්න එපා. ඇඩ්මින් කෝ උඹ නිදිද? උඹ මේවා හොයලා බලන් නැද්ද?වැඩක් කරනකොට කරපියකෝ අනිත් අයත් සතුටු වෙන විදිහට. හොඳට තිබ්බ site එකට කෙලවලා කීයක් හොයා ගත්තත් මොකටද මහත්තයෝ. පේක්ෂකයෝ site එකට එන්නේ සබ් එකක් බාන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙම කරද්දී මේ මඟුලේ pop up open වෙද්දී කොහොමද යකෝ හිත හොඳින් site එක වෙනුවෙන් කමෙන්ට් එකක්වත් දාලා යන්නේ? හිතපන්කෝ ඒ ගැනත්. අනික මේ site එක උබේ දේපලක් කියන්නේ කොහොමද? කී දෙනෙක් නම් කොල්ලෝ කෙල්ලෝ හදපු සබ් ද මේකේ තියෙන්නේ. ඉතිං මහත්තයෝ බදා ගෙන කන්න හදන්න එපා. මේ කොල්ලෝ කෙල්ලෝ ටික නැත්තම් උබ කොරයි site ඒක. ඒ වගේම සබ් බාන කට්ටිය. බාන උන් බෑවේ නැත්නම් උබේ site එක වේලෙනවා. එතකොට බලා හිටහන් උබට මේන් කියලා ඇඩ් හබ්බවෙයි. උබේ site එකේ දාන්න. ඇඩ්මින් කෙනෙක් හැටියට කරන්න ඕන site එක ගොඩනගන එක මිසක් හොඳට තියෙන එකට කෙලවන එකද? ඒ ගැන හිතපන්. අපේ කාලේ නම් අපි කලේ එහෙමයි.

      Reply
  • Udara Damith B\K

    පුලුවන්නම් coloney tv sirias එකේ අන්තිම කොටස් දෙකට උපසිරස දෙනවද .
    එකේ නමවෙනි එකට විතරයි උපසිරස තියෙන්නේ

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    Reply
  • ෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
    මෙම උපසිරසට අදාල සිනමා පටය ලබාගනීමට Baiscope Movie වෙබ් අඩවියට පිවිසෙන්න…

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *