Suzhal – The Vortex [S01 : E07] Sinhala Subtitles | ඝාතකයා සොයා [සිංහල උපසිරසි]
මුළු ගමටම ශාපයක් වැදිලා වගේ. ගොඩක් අයගේ අදහස වුණේ ඒක. ඔය අතරේ සක්කරයිගේ මුළු දවසම වැය වුණේ දරුවෝ අතුරුදහන් වෙච්ච සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට. ගං පතුලෙන් හම්බවුණු දෙයින් පස්සේ රෙජිනාව වැඩිය මේකට සම්බන්ධ නොකර පරීක්ෂණ ටික කරගන්නයි සක්කරයි හිතාගෙන හිටියේ. ඔය අතරේ රක්ෂණ සමාගමේ නියෝජිතයාත් ගිනිගත්තු කම්හල ගැන තමන්ගේ පරීක්ෂණ කරගෙන යන ගමන් හිටියේ. ෂන්මුගම් ගැන කතා කළොත් එයා හිටියෙත් රෙජිනා හිටිය බෝට්ටුවේමයි මානසික බිඳවැටීමේ අන්තයටම ගිහිල්ලයි හිටියේ. ඒත් රෙජිනා හිතාගෙන තිබුණා මේ පරීක්ෂණයට සම්බන්ධ වෙලා ඇත්ත නැත්ත ඉක්මනට හොයාගන්න ඕනයි කියලා.
ඉතින් මතක ඇතිනේ පොලිස් නිල සුනඛයෝ දාලා කරපු හෝදිසි මෙහෙයුම නැවතුනු තැන. කැලේ මැද තිබ්බ සැක සහිත කූඩාරම් වගයක්. දේවමාතාවගේ උත්සවේ වෙනුවෙන්ම පිටින් ආපු අය නවාතැන් ගෙන හිටිය තැනක් තමා ඒ. ඒත් එක කූඩාරමක් ගැන වැඩි සැකයක් සක්කරයිට ඇති වුණා. තව පරික්ෂා කරලා බලද්දි හම්බවුණු දේවල් මතක ඇතිනේ. මිනීමරුවා ගැන සැක කරන්න පුළුවන් සාක්ෂි ගණනාවක්ම එතනින් හම්බවුණා. එතනින් එහාට අත්අඩංගුවට ගත්ත කෙනාවත්, ඒකෙන් ඇති වුණු කලබගෑනිය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අධිකරණ වෛද්‍ය වාර්තාව, සක්කරයි සහ නන්දිනී ගැන ලක්ෂ්මිගේ තියෙන ආකල්පය ඔය වගේ ගොඩක් දේවල් පහුගිය කොටසේදී බලාගන්න පුළුවන් වුණා. ඒත් හොඳම හරිය සිද්ධ වුණේ අන්තිම විනාඩියේදී දොස්තර හෙළි කරපු දේත් එක්ක. අද කොටසින් මොකක් වෙයිද? බලලම දැනගමු.
ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඇමසෝන් ප්‍රයිම් වලින් නිකුත් කරපු අලුත්ම ඉන්දියන් කතාමාලාව Suzhal : The Vortex එක්කයි. ඉන්දියන් කතාමාලා රසිකයෙක් වගේම පොදුවේ ත්‍රිලර් නිර්මාණ රස විඳින කෙනෙක් නම්, කිසිම විදිහකින් මේ කොටස් 8කින් යුක්ත කතාමාලාව මග ඇරගන්න නම් එපා. තවමත් වෙලාව තියෙනවා මේ සුළියට අහුවෙන්න, තව කෙනෙක් ඇවිත් ස්පොයිල් කරන්න කලින්. එහෙනම්, අවසන් කොටසත් ළඟ ළඟම එනවා කියන බලාපොරොත්තුව දෙන ගමන් මං සමුගන්නවා. ඉතින් උපසිරැසිය මම කලා වුණාට, ලස්සන ලිපිය ලියල දුන්න phoenix මල්ලිට බොහෝමත්ම ස්තූතියි. එතකම් හැමෝටම ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2898 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patttaaaaaaaaaaaaaaaaaaaa
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Sub akta thanks
තෑන්ක්ස් සබ් එකට
thanx ayye sub ekata
උපසිරැසියට ස්තූතියි සහෝදරයා! 🙂
Thanks oshada bro sub tika eka පෙළට dunnata. Anthima ekath ඉක්මනින් ඕනි