Suzhal – The Vortex [S01 : E03] Sinhala Subtitles | ආදරණීය කතාවක්. [සිංහල උපසිරසි]
සාම්බලූර් ගම පුංචි ගමක්. (මනඃකල්පිත ගමක්.) සාම්බලූර් ගමේ මයාන කොල්ලයි උත්සවය ආරම්භ කල දවසේ ගමටම රස්සා දුන්න සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගත්තා. එදාම ශන්මුගම්ගේ දුව වුණ නිලාව අතුරුදහන් වෙනවා. කොහොමින් හරි මේ සිදුවීමට සැක කරන්නෙ ඉන්ස්පැක්ටර් රෙජිනාගේ පුතා අදිසයම්ව. අදිසයම් නිලාගේ පස්සෙන් දින කිහිපයක ඉඳන්ම ලුහුබැඳ ගිහින් තියෙනවා. අදිසයම්ගෙ හැසිරීම අයහපත් බව දෙනෙකුගෙන්ම රෙජිනාට පැමිණිලි ලැබෙනවා. රෙජිනා තමන්ගේ පුතාව බොහෝ සේ විශ්වාස කලා වගේම ගම්මුන්ගේ කතා දැඩිවම ප්‍රතික්ෂේප කලා.
කතාවේ ප්‍රධාන නළු හා නිළිය ලෙස සැලකිය හැකි චරිත වන සක්කරෛ ලෙස කදිර් සහ නන්දිනී ලෙස ඓශ්වර්යා රාජේෂ් ලෙසත් රඟනු ලබනවා. මෙහි ඉන්ස්පැක්ටර් රෙජිනා ලෙසින් ශ්‍රියා රෙඩ්ඩි චරිත නිරූපණය කරනවා. ශ්‍රියා රෙඩ්ඩි Thimiru (2006) චිත්‍රපටයේ දුෂ්ඨිය විදිහට ආකර්ෂණීය රංගනයක යෙදුනා දකින්නට ඇති. බොහෝ කලකට පසු රංගනයට පිවිසෙන ඈ මෙහි ඉතාමත් විශිෂ්ඨ චරිත නිරූපණයක් කරනු ලබනවා. ඒ වගේම කට හොඳ නැති පාර්තිබන් ශන්මුගම් ලෙස තකට තක රංගනයක යෙදෙනවා. ඒ වගේම කෝදන්ඩරාමන් ලෙස රඟන සන්තාන භාරතීට මෙම කතාවේ සුවිශේෂී කොටසක් හිමිවෙනවා.
මේ කතාවේ නිර්මාණ කරුවන් වන්නේ Vikram Vedha චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් වන පුෂ්කර් ගයත්‍රි කියලා දන්නවා ඇති. මෙහි අධ්‍යක්ෂණය බ්‍රම්මා G. සහ අනුචරන් මුරුගයියන්. ත්‍රාසය, භීතිය, කුතුහලය, ශෝකය ගෙනදෙන මෙය මඟහැර නොහැකි කාලෙකින් දකින්න පුළුවන් අද්විතීය නිර්මාණයක්. අවසානය ඔබ නොහිතූ, බලාපොරොත්තු නොවූ නිමාවක් දැකගත හැකියි. ඒ වගේම කතාවට පාත්‍රවන මයාන කොල්ලයි උත්සව දිනවල ඒ ඒ අංග පිළිබඳ අත්දැකීමක් මින් ලබා දෙනවා.
මේ කතා මාලාවේ උපසිරැසි ඔබ වෙතට ගෙන ඒමේ මූලිකත්වය දරන්නේ PHOENIX අයියා. ඒ වගේම පලවෙනි කොටස දහරා අක්කාත්, දෙවන කොටස ඔෂධ අයියාත් උපසිරැසි ඔබ වෙත ගෙන ආවා. ඒ අයටත් ස්තූතිය පුද කරනවා. වෙනදා වගේම පහලින් කමෙන්ට් එකක් දාලා අදහස් ලබාදෙන්න.
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2923 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks ravindu
Thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks…
මේක pronounce කරන්නෙ සුඩල් කියල. Tamil කෙනෙක්ගෙන් අහල දැනගන්න පුලුවන් හරියටම. කතාව හොදයි.
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaa
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks for subtitle.
Ithuru episode tikath ikmnta oni
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
තෑන්ක්ස් සබ් එකට
මොනවද බන් උබලා කරන්නේ
උබලා දීල තියෙන ලින්ක් එකෙන්(1337x) ඩවුන්ලෝඩ් කරාම එන්නේ සම්පූර්ණ සීරීස් එකම තියෙන කොපියක්,ඒත් සබ් දෙන්නෙ වෙන වෙනම,පලවෙනි එපිය විතරයි බලන්න පුලුවන් , අපරාදේ නේ ඩේටා ටික
ඔයිට වැඩිය වගකීමෙන් වැඩ කරපන්කෝ බන්
සම්පූර්ණ කොපියටම සබ් එකක් අප්ඩේට් කරපන්කෝ බන්,එපාවෙනවනේ
ithuruwath ikmanim demu
Sub akta thanks