The Veil AKA Geomeun Taeyang [E01] Sinhala Subtitles | යලි පැමිණි රහස් නියෝජිතයා [සිංහල උපසිරැසි] [18+]
බයිස්කෝප් අඩවියේ කොරියානු කතා මාලා රසිකයන් වෙනුවෙන් තවත් කතා මාලාවකට උපසිරැසි ගේන්නයි මේ සූදානම. සුපුරුදු විදිහට මේ කතා මාලාව වෙන් කරලා දුන්න විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.MBC නාලිකාව ඔස්සේ විකාශය වන මේ කතා මාලාවට වොන් බිලියන 15ක වියදමක් දරලා තියෙනවා .පසුගිය 17 වෙනිදා විකාශය ආරම්භ වුන මේ කතා මාලාවේ කොටස් 12ක් තියෙනවා. Kim Sung-Yong තමා කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා. මෙහි ප්‍රධාන චරිත වලට NamKoong Min, Park Ha-Sun, Kim Ji-Eun රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව Jang Young-Nam, Kim Jong-Tae, Lee Kyoung-Young වැනි ප්‍රවීණ නළු නිළියන් රැසකුත් චරිතවලට පණ පොවනවා. මේ වෙද්දි IMDb සහ MyDramaList ශ්රේණිගත කිරීම්වල 8.6ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.
හන් ජි හියුක් කියන්නෙ NIS [කොරියානු ජාතික බුද්ධි සේවය]විදේශ බුද්ධි කාර්යංශයේ හියුක්යැන්ග් කියන රහස් කණ්ඩායමක සාමාජිකයෙක්. මේ කණ්ඩායමේ රාජකාරිය වෙන්නෙ විදේශයකදි කොරියානු බුද්ධි අංශ සාමාජිකයන්ව නැත්නම් සිවිල් වැසියන්ව යම් සංවිධානයක් විසින් මැරුවොත් ඒ අයගෙන් පළිගන්න එක. අවුරුද්දකට කලින් උතුරු කොරියාවෙදි සහ චීනෙදි සිද්ද වුනු බුද්ධි අංශ නියෝජිතයන්ගෙ මරණ ගැන හොයන්න තව නියෝජිතයො දෙන්නෙක් එක්ක හන් ජි හියුක්ව චීනෙට යවනවා. මෙහෙයුම ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි මේ නියෝජිතයො එක පාරටම අතුරුදහන් වෙනවා. දෙන්නෙක්ගෙ මල සිරුරු හොයා ගත්තත් හන් ජි හියුක්ව හොයා ගන්න බැරි වෙනවා.
මේ සිද්ධියෙන් අවුරුද්දකට පස්සෙ කොරියානු වෙරලාරක්ෂකයො අවයව ජාවාරම්කාරයින්ගෙ නැවකට ගොඩ වෙනවා. එයාලා නැවට ගොඩ වුනාම ජාවාරම්කාරයො සේරම මැරිලා ඉන්නවා දකිනවා.ඒත් ජීවතුන් අතර ඉන්න කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඔහුගෙ අනන්‍යතාව පරීක්ෂා කරද්දි ඒ ඉන්නෙ හන් ජි හියුක් කියලා බුද්ධි අංශය දැනගන්නවා. ඔහුව තමන්ගෙ බාරයට අරන් කරන වෛද්‍ය පරීක්ෂණයකදි ඔහුට Zip කියන ඖෂධය එන්නත් කරලා පහු ගිය අවුරුද්දක මතකයන් මකලා දාලා කියලා හොයාගන්නවා.
මීට වඩා කියන්නෙ නෑ.ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා බලලම දැනගන්නකෝ.ඉක්මනින්ම දෙවෙනි කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. හොඳ නරක කියලා කමෙන්ටුවක් දාගෙන යන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2630 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sub ekat. Yumi’s Cells kdrama ekatath sub denna. Jaya බයිස්කෝප්LK.
khbiuk
Sub akta thanks
තෑන්ක්ස් සබ් එකට
මේවනම් සුපිරි වැඩ මචන්
කොරියන් සීරීස් වල තියෙන්නේ අමුතුම රසයක්,නම් ටිකයි මූනු ටිකයි මතක තියාගන්න නම් එපි 3,4ක් බලන්න ඕන හැබැයි
අනිත් එපි ටිකත් ඉක්මනින්දෙමු මචන්..ජය වේවා✌
bro digatama sub eka denna meke.really appriciate.
puluwannam sub ekata galapena download link eka baiscopedownload site eke upload karanna..gaththu ewa time line wenas ekai.
thank you
Thank you very much for the sub.
Thank you very much for the sub.
උපසිරසියට බෝම තුති
Thama link na neh
Run time eka wadi nisa adu tharame 300+ wadi copy walata sub dynko mchn ntnm quality na
#300 mb+
ඉක්මනටම සයිට් එකේ දායි.නැත්නම් dramaday.නෙට් එකෙන් web කොපිය ගන්න
අනේ සොහොයුරා,
The Veil (2021) HDTV එකෙනුත් සිංහල උපරැසි දෙන්නකො.
මොකද WEB – DL එක download කරන්න ගොඩක් ඉඩ
යනවා ( MB ගොඩක් යනවා )
Web/hdtv dekatama demu puluwnnm mchn
සබ් කරලා තියෙන්නෙ 500mb web කොපියට.HDtv දෙන්න උත්සහ කරන්නම්.
ගොඩක් ස්තූතියි සොහොයුරා.
බොහොම ස්තුතියි සහෝ
puluwannam Attack on Titan eke sub eke denna.. maga nawatila tiyana nisa.. kalin karapu kena danne nattan wena kenekta kiyala hari.. asawen balapu ekak 🙁
Thanks broo mekata sub dunnata Puluwannam signal korean drama ekath denna
Thanks…..jayawewa….!
Thanx saho….. Patta
Sub ekata thanx
Patta
Thanks lahiru saho
Korean ekak denkn bln hitye
අඩේහ් නියමයි බන්
ඉදලා ඉදලා සුපිරියක්ම බස්සලා
ඉතුරුවත් ඉක්ම්න්ට ඕන