Delhi Crime [S02 : E03] Sinhala Subtitles | තනිව වුවත් නිවැරදි පැත්තේ හිටගන්න [සිංහල උපසිරසි]
Delhi Crime කියන්නේ අපි එදිනෙදා දකින නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් නෙමේ. ඒක වෙනම හැඟීම් සමුදායක්. අතිශයෝක්තියක් නෙමේ, එදා මෙදාතුර බිහිවුණු හොඳම ඉන්දියන් කතාමාලාව මේකයි කියලා කිව්වත්. පළමු කතාසමය නරඹපු කෙනෙක් දන්නවා ඒකෙන් ප්‍රේක්ෂකයාට දුන්නු කම්පනයේ තරම. ඒ තරමට හරිම සුමට විදිහට නිර්මාණය වෙලා තියෙන අග්‍රගණ්‍ය කතාමාලාවක් තමයි Delhi Crime කියන්නේ. International Emmy Awards 2020 උළලේදී හොඳම කතාමාලාවට හිමි සම්මානය අයිතිකර ගැනීමෙන්ම තේරෙනවා ඇති මේක සුළුකොට තකන්න බැරි නිර්මාණයක් කියලා. ඔව්, හොඳම කතාමාලාව ලෙස අන්තර්ජාතික එමී සම්මානයක් ලබාගත්තු ප්‍රථම සහ එකම ඉන්දියන් කතාමාලාව තමයි මේ.
පහුගිය කොටසෙදි මතක ඇතිනේ කච්චා බනියන් කල්ලියේ ඝාතනයන්ට සැකපිට ගෝත්‍රික පිරිසක් අත් අඩංගුවට ගන්නවා. ඒ වගේම කච්චා බනියන් කල්ලියට මුලින්ම ගොදුරු වුනු වයෝවෘද්ධ පිරිස වාසය කරපු නිවස අවට ඝාතනය සිද්ධ වෙන්න දවසකට කලින් ගෝත්‍රික පිරිසේ ජුග්නු සහ සහීද් ගැවසෙනවා ආරක්ෂිත කැමරා වල සටහන් වෙලා තිබුණ නිසාම පොලිසියේ සැකය යම්තාක් දුරට තහවුරු වෙනවා. මේ අතරෙදි ජුග්නු සහ සහීද් දෙන්නව වෛද්‍ය පරික්ෂණ වලට රෝහලට ගෙනියන අතරතුරේදි ඔවුන් දෙන්නා පොලිස් අත්අඩංගුවෙන් පැන ගන්නවා. සැකකරුවො දෙන්නා අත් අඩංගුවෙන් පැන ගන්නවත් එක්කම තවත් ඝාතනයක් සිද්ධ වෙනවා. මේ හින්දා පොලිසිය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඊට පස්සේ මොනවා වෙයිද? අද කොටස බලලම මොකද වෙන්නේ කියලා දැනගමු.
මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත මයුර සුරාජ් මල්ලිව ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2899 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌
උපසිරැසියට ස්තූතියි!
සිංහල උපසිරසියට ස්තුතියි
තෑන්ක්ස් සබ් එකට
Panni kutty 2022 sub eka dennko
බොහොම ස්තූතියි ඔබට
ජය වේවා!
Sub akta thanks
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks for sub