Doctor John AKA Uisa Yohan [E07-E08] Sinhala Subtitles | බිය පිළිබඳව [සිංහල උපසිරසි]
අවසානෙදී එකම තැනක ඉඳලා වෙනත් තැනකට ආව තුන් දෙනෙක් නැවත මුණ ගැහෙනවා. දෙවන වසර සීමාවාසී වෛද්‍ය කන්ග් සි යොන්ග්, දෙවන වසර අධි ශිෂ්‍ය වෛද්‍ය ලී යූ ජූන් සහ මහාචාර්ය චා යෝ හන්. සුපුරුදු පරිදි මහාචාර්යතුමාගේ රෝගීන්ට ඇති උනන්දුව නිසා ප්‍රශ්න පටලවා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් සටන් බිමේදී නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් ඇසට ශෛල්‍යකර්මයක් කිරීම නිසා ඇති වුණ රෝග ලක්ෂණ ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මල්ලවපොර ශූරයෙක් වුණ ජූ හ්යන්ග් වූ මහාචාර්ය චාව හොයාගෙන හන්සේ රෝහලට එනවා. මුල ඉඳලම මහාචාර්ය චා යෝ හන්ව රෝහලට බඳවා ගන්නවට අකමැති වුණ අයට මේක හොඳ ප්‍රවෘත්තියක් වුණත් අන්තිමේදී ජූ හ්යන්ග් වූගේ අසනීපයට මහාචාර්ය චාගේ සම්බන්ධයක් නෑ කියලා ඔප්පු වුණත් මහාචාර්ය චා නිවරදිවම රෝගය හොයාගන්නකල් තමන්ගේ රෝගියාව අතෑරලා දාන්න කැමති වෙන්නේ නෑ. මේ අතරතුර මහාචාර්යතුමා විසින් සහන මරණය ලබා දුන් රෝගියාගේ හෙදිය විසින් රෝහල ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කරලා. එයා සි යොන්ග්ට කියනවා ඒ රෝගියාට මැරෙන්න ඕනේ වුණේ නෑ කියලා. ඉතින් මේ වෙද්දි මහාචාර්යතුමා ජූ හ්යන්ග් වූව රැකගන්න කරපු උත්සාහයත් මියයන්න අවශ්‍ය නැති රෝගියෙකුට දුන්න සහන මරණයත් යන කාරණා දෙක අතරේ හිරවෙලා ඉන්න සි යොන්ග් මහාචාර්යතුමාගෙන් ඒ ගැන අහනවා.
ඉතින් මහාචාර්යතුමා සි යොන්ග්ට ඒ ගැන උත්තරයක් දෙන්නේ නෑ. මේ වෙලාවෙදී ඔවුන් වෙහෙස වෙන්නේ ජූ හ්යන්ග් වූ ගේ රෝගය හොයාගන්නයි. ඒත් මහාචාර්යතුමාට ජූ හ්යන්ග් වූ ළඟටවත් යන එක තහනම් කරලා නිසා පරීක්ෂණ කරගන්න පුළුවන් වේවිද? සි යොන්ග් සහ මහාචාර්යතුමා කියන දෙන්නටම පොදු ඒ සිද්ධිය මොකක්ද කියලත් අද කොටසින් දැනගන්න පුළුවන්.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 1788 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි