ජුජුට්සු කයිසන් [S02 : E06] Sinhala Subtitles | ෂිබුයා වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල උපසිරසි]
ඔන්න එහෙනම් Jujutsu Kaisen Season 2 හි Episode 5 න් පසු සති තුනක විරාමයකින් පසු නැවතත් Jujutsu Kaisen වෙත ඇනිමෙ රසික ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. සති තුනක විරාමයක් ගියේ ඇයි? හේතුව මේකයි… Jujutsu Kaisen Season 2 හි broadcast schedule එකට අනුව පස්වෙනි කොටසින් පස්සෙ පිළිවෙළින් Hidden Inventory/ Premature Death Arc (Ep. 1-5) සහ Jujutsu Kaisen 0 movie හි recap episode එකක් සහ Jujutsu Kaisen Season 1 හි recap episode එකක් තමයි නිකුත් වෙන්නෙ. හැබැයි මේ කොටස් දෙක වෙනදා වගේම සුපුරුදු වෙබ් අඩවිවල නිකුත් වුනේ නෑ. ඉතින් එහෙමයි කියල මේ දෙකම recap කොටස් දෙකක් නිසා නොබැලුවායින් කිසිම පාඩුවක් වෙන්නෙත් නෑ. අපි කලින් දැකපු සිදුවීම් තමයි මේ කොටස් දෙකේදි ආයෙත් නරඹන්න ලැබෙන්නෙ. ඊට පස්සෙ තුන් වෙනි සතියෙදි අලුත් කොටසක් නිකුත් වුනේ නෑ. ඔන්න ඔහොමයි සති තුනක විරාමයකින් පස්සෙ අපි ආයෙත් Jujutsu Kaisen Season 2 තුළින් මුණ ගැහෙන්නේ.✌️
මේ සීසන් එක “Hidden Inventory/Premature Death Arc” සහ “Shibuya Incident Arc” නමින් ප්‍රධාන Arc දෙකකින් සමන්විත බව මම මුලදීම සඳහන් කළා. ඉතින් Hidden Inventory Arc එකට අනුව මේ Season 2 ආරම්භ වුනේ ගෝජෝ සතෝරුගේ අතීත කතාවකින් බව අපිට දකින්න ලැබුනා. ඒ අනුව දිග හැරුණු ඒ අතීත කතාවේ අවාසනාවන්ත අඳුරු අවසානයත් සමඟින් “Hidden Inventory Arc” එක පසුගිය 5 වෙනි කොටසින් අවසන් වුනා. ඉන් පසුව එන මුළු කොටස් 18 කින් සමන්විත “Shibuya Incident Arc” වෙත තමයි මේ 6 වෙනි කොටස සමඟින් අපි දැන් අඩිතාලම තියන්නේ.
Shibuya Incident Arc Key Visual
කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි කතාවට ඇනිමෙ කතා මාලාවේ මූලාශ්‍රය වෙන Jujutsu Kaisen Manga හි Chapters 79-136 අතර සිද්ධීන් ඇතුළත් වෙනවා. ඒ වගේම මේ Arc එකේ Opening Theme එක වෙන “SPECIALZ” ගීතය King Gnu කණ්ඩායම විසින් Perform කරනු ලබනවා. මතකයිනෙ, Jujutsu Kaisen 0 Movie එකේ තේමා ගීත perform කළෙත් King Gnu ම තමයි. අහලම බලන්නකො ඒ ගීතය. Theme එකේදි පෙන්නන Scenes එක්ක වෙනම vibe එකක් දේවි. කොටින්ම කතාවෙ Dark ගතිය ඉස්මතු වේවි.🔥 ඒ වගේම Ending Theme එක වෙන “more than words” ගීතය ගායනා කරන්නෙ Hitsujibungaku කණ්ඩායම විසිනුයි. හුඟක් සමාජ මාධ්‍යයන් වල අපිට දකින්න ලැබුනු දේ තමයි මේ Arc එක වෙනුවෙන් තිබුනු Hype එක. ඇයි ඒ වගේ Hype එකක්?
කෙටියෙන්ම හේතුව මේකයි. අපිට මෙතෙක් හැම Arc එකකම දකින්න ලැබුනෙ කතාවේ චරිත හඳුන්වාදීමක් එක්ක කතාව යන තේමාව මොන වගේ එකක්ද කියන එකයි. මේ Shibuya Incident Arc එකෙන් අපිට අන්න ඒකෙ පැහැදිලි හැරුම් ලක්ෂ්‍යක් දකින්න ලැබෙනවා. කොටින්ම කතාව සම්පූර්ණයෙන්ම ලේ වැගිරෙන් අඳුරු පැත්තකට හැරෙනවා. පසුගිය කොටසින් අවසාන වුනු Hidden Inventory Arc එකේ අවසාන කොටසින් ප්‍රේක්ෂකයාව ආයෙත් වර්තමානයට අරන් ආවා කියන දේ දකින්න ලැබුනා. ඒ කියන්නෙ අපි දැන් ආයෙත් ඉන්නෙ ගෝජෝ සතෝරු කියන ජුජුට්සු මන්ත්‍ර ගුරුවරයා යටතේ ඉතදොරි යූජි, මෙගුමි ෆුෂිගුරෝ සහ නොබරා කුගිසකි කියන ජුජුට්සු මන්ත්‍ර ශිෂ්‍යයො ඉන්න වර්තමානයට. ඒ වගේම අනිත් පැත්තෙන් මන්තරකරුවො නොවන සාමාන්‍ය ජනයාව සමූල ඝාතනය කරලා ජුජුට්සු මන්තරකාරයින් විතරක් ජීවත් වෙන ලෝකයක් නිර්මාණය කරන්න හදන වගේම, ගෝජෝ සතෝරුගේ හිටපු හොඳම යාළුවා වෙන, ගෙතෝ සුගුරු ප්‍රමුඛ කණ්ඩායම. Jujutsu Kaisen Season 1 වලදී ගෙතෝ සුගුරු විසින් කතාව තුළ ඔක්තෝම්බර් 31 වෙනිදා “ෂිබුයා” හි දී යම් සිදුවීමක් සිද්ධ වීමට නියමිත බව සඳහන් කළා ඔබට මතක ඇති. අන්න ඒ සිදුවීම තමයි මේ කොටසින් ඇරඹෙන්නේ. මේ Shibuya Incident Arc එකේ පළවෙනි කොටසින්ම අපිට දරුණු සටනක ආරම්භයක් දකින්න ලැබෙනවා.😌
ඒ සටන ඇරඹෙන්නේ කොතනින්ද? කාත් සමඟද? මේ කොටසේ සිද්ධ වෙන දේ ගැන වැඩි යමක් මම සඳහන් කරන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. අනිත් කාරණාව තමයි ඉදිරියේදී Jujutsu Kaisen සිංහල උපසිරැසිය මේ අරන් එන ඉක්මනින් ගේන්න වෙන්නෙ නම් නැති වේවි. ඒකට හේතුව තමයි ඉදිරි කොටස්වල වගේම කතාවෙ ඉදිරියේදී Powers Explanation හම්බ වෙන එක වගේම කතාවෙ හුඟක් ගැඹුරෙන් පැහැදිලි කරන තැන් මුණ ගැහෙන එක. ඉතින් ඒ අවස්ථා ලේසියෙන් සිංහල භාෂාවට හරවන්න පුලුවන්න තැන් නම් නෙමෙයි. කොහොම හරි රසවින්දනයට බාධාවක් නොවෙන්නත් කතාවේ සාරයට බාධාවක් නොවෙන්නත් උපසිරැසිය අරන් එන්නම්. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දෙවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 7 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : It’s Like That
Air Date : 2023.08.31
Runtime : 24 min.
IMDB Rating : 8.4
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7902 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother…❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
TnQQ TNq
Great gob brothers ❤️
Supiri ❤️
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥