ජුජුට්සු කයිසන් [S01 : E15-E16] Sinhala Subtitles | සහෝදර පාසල් සුහද උත්සවය [සිංහල උපසිරසි]
කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයාට කතාව ගැන මොකද හිතෙන්නෙ? කියන්න වචන නෑ නේද? ඒ වගේම මේ කතාව ගැන ඔයාට දැන් යම් අදහසක් ඇති.මේ කතාවෙ තියෙන සටන් වගේම බලයන් ඔයා වෙනින් කිසිම කතාවක අත් විඳල නැතුව ඇති කියල මට විශ්වාසයි.
ප්‍රදේශ ප්‍රසාරණයක් දියත් කරලත් කෙනෙක්ගෙ ආත්මයේ හැඩය වෙනස් කරන්න පුලුවන් බලයක් තියෙන මහිටෝ, ශාපවල රජු වෙන රියොමෙන් සුකුනාගෙ බල පරාක්‍රමය හමුවේ පරාජයට පත් වුනා. ඒත් මෙතන වුනු වෙනස තමයි ඉතදොරි යූජි සුකුනාට මාරු උනේ නැති එක. හැබැයි මහිටෝ පරාජයට පත් වුනේ ඉතදොරු යූජිව මරනවාමයි කියන අධිෂ්ඨානයෙන්. ඒ මේ සිදුවීම අතරෙදි යූජිට පුපුවන් වුනා තමන්ගෙ යාළුවන්ව අමුතු විදිහකට පුදුම කරන්න. ඒ මේ විහිළු තහළු අස්සෙ අලුත්ම උත්සවයකුත් පැවැත්වෙනවා. උත්සවයක් කිව්වට මේක තරඟයක්. ඒ වගේම තවත් අලුත් චරිත ගොඩකුත් බලාගන්න ලැබෙනවා. අපි බලමු මේ උත්සවය මොකක්ද කියලා.
මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !
මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8019 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබ් එකට
kollo sub ekata thnx bn. digatama kargena yan. Let’s Goo………
අමොර් ගැම්මක් ටැම්ක්ස් සගො සබට ️