Iru Dhuruvam [S02: E05] Sinhala Subtitles | වික්ටර්ගේ සැලැස්ම සාර්ථකයි ද? [සිංහල උපසිරැසි]
වික්ටර් මේ මිනීමැරුම්වලට හේතුව ලංකේෂ්වරන් කියලා තදින්ම සැක කරා. වික්ටර් ටෙකීව ඇමට දාලා මිනීමරුවව අල්ලගන්න ටෙකීට GPS උපකරණයක් දෙනවා. කොහොමහරි ටෙකීව පැහැර ගැනීමට ලක්වෙනවා. කිෂෝර්ගේ නෝනට දරු ප්‍රසූතිය ලඟයි. ඒත් රාජකාරිය නිසා නෝනගෙ ලඟින් ඉන්න බැරි වෙනවා. එයාගේ නෝනාගෙන් දිගින් දිගටම කෝල් ලැබුණත් කිෂෝර්ට රාජකාරිය වෙනුවෙන් වෙහෙසුනා. මේ අතරෙදිම තාත්තගේ ප්‍රතිකාරයක් වෙනුවෙන් අම්බතූර් එක්කගෙන ගිය සබරිගෙ පස්සෙන් සුදු පාට කාර් එකක් පන්නනවා. කිෂෝර්ට සබරි ඉන්න තැනට යන්න කියලා වික්ටර් කියනවා. මිනීමරුවා සබරිගෙ පස්සෙන් යද්දි නොදැනෙන්න අහුකරගන්න සැලසුම් කරා. වික්ටර්, කිෂෝර්ගේ සහයට කණ්ඩායමක් යවන්න කියලා තිලක්ගෙන් ඉල්ලනවා. තිලක්ගේ අහංකාරය නිසා වාද වීමකුත් සිද්ද වෙනවා. සැලැසුම වෙනුවෙන් සබරි තාත්තව මඟින් බස්සවලා තනිවම ගමන් කරනවා. ජීවිතය අවදානමක දාගෙන සබරි පාළු ප්‍රදේශයක් ඔස්සෙ යනවා. GPS සංඥා ඔස්සේ ටෙකීව හොයාගෙන යන වික්ටර්ට ටෙකී වෙනුවට හොයාගන්න ලැබුණේ වික්‍ටර්ගේ GPS උපකරණයයි. සබරි පාළු ප්‍රදේශයකදී නවතිනවා. මේ අතරෙදි ලංකේෂ්වරන් එයාගේ ලයිව් එකේදි “මේ ලෝකය කරුණාවන්ත හදවත් ඇති අය වෙනුවෙනුයි. අපි වටා තියෙන කරදරයක් පවා නොතේරෙන අයට මේ ලෝකයේ ඉඩක් නැහැ. ඔවුන් සිටිය යුත්තේ අන්ධකාරය පිරි නිරයකයි.” යනුවෙන් තිරුකුරල් කොටසක් උපුටා දක්වනවා. වික්‍ටර්ට මේකෙන් ලංකේෂ්වරන් එයාලට පණිවිඩයක් කියනවා කියලා තේරුණා. එහෙම කල්පනා කරද්දි මේ තිරුකුරල් පාඨ කොටසේ සම්බන්ධය හොයාගන්නවා. ඝාතකයාගේ මීලඟ ඉලක්කය කිෂෝර්. කිෂෝර් සබරිගේ ස්ථානයට යද්දි සබරිගේ මළසිරුර තමයි දකින්න ලැබෙන්නෙ.
තිලක් ස්ථානයට යද්දි කිෂෝර්වත් මරලා දාලා තිබුණා. තිලක් වික්‍ටර්ට හොඳටම දොස් කියනවා. මේ අතරෙදි අංජලීගෙන් වික්ටර්ට කෝල් එකක් ලැබෙනවා. ගෙදර ඉස්සරහ සුදු පාට කාර් එකක් නතර කරලා තියෙනවා කියලා අංජලී කියනවා. වික්ටර් ගයත්‍රිව අංජලීට බලාගන්න බාරදීලා තිබුණා. වික්ටර් එනගමන් ඉන්න බවත් ගයත්‍රිට එලියෙ සිද්ද වෙන කිසි දෙයක් දකින්න දෙන්න එපා කියලත්, දෙන්නටම ගේ ඇතුලට වෙලා ආරක්ෂාකාරීව ඉන්න කියලත් උපදෙස් දෙනවා. මේ කාර් එකේ ඩිකියට බැලූන් අමුණලා තිබුණා. බැලූන් දකින ගයත්‍රි ගෙදරින් එලියට ඇවිත් කාර් එක ළඟට යනවා.
අපේ ඔෂධ ධනංජය සහෝදරයා තනිවම සිංහල උපසිරැසි ලබා දුන්න මේ Iru Dhuruvam කතා මාලාවේ පලවෙනි සීසන් එක ගොඩක් අය බලන්න ඇති. බලලා නැත්නම් ඒකත් නොවරදවා බලන්න. මේ කතා මාලාවට ඔෂධ ධනංජය සහෝදරයා, රවිඳු හේෂාන් සහෝදරයා මගෙත් එක්ක එකතු වෙනවා. පලවෙනි සීසන් එකට වගේම මේ සීසන් එකටත් හොඳ අගය කිරීම්, ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1648 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks