මාස්ටර්’ස් සන් [S01 : E06] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.
කැන්ග් වූ තමන්ට ආදරෙයි කියල හිතන ගොන්ග් ෂිල් ඔහුට කියන්නයි යන්නේ ඇයගෙ විශේෂ හැකියාව. ඒත් ඔහු හොල්මන් වලට පුදුමාකාර විදිහට බයයි කියල දැනගන්න ඇය නිහඬව ඉන්න තීරණය කරනව. ඒ වගේම ඔහුට ටායි ඊ රන්ග් කියන ගොන්ග් ෂිල් ගෙ මිතුරියත් ආදරේ කරන්නයි සූදානම. ජොන්ග් වොන් මේ පාර ගොන්ග් ෂීල්ට ආරක්ෂාව දෙන්නේ බල්ලෙක්ගේ හොල්මනක් පස්සෙනුයි. ඒ ගමනෙදි ඇය දැන ගන්නව ඔහුට කියවීමේ අපහසුවක් තිබෙන බව.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2336 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!