My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E09] Sinhala Subtitles | ඔයාට මං නැතුව පාළු හිතුනා නේද! [සිංහල උපසිරසි]
පසුගිය කොටසේදී, මී හෝ දේ වුන්ග්ට තෑග්ගක් අරන් දුන්නනේ නේද. ඒක ගන්න සල්ලි හොයා ගත්තෙ ග්‍රිල් තැටි පිරිසිදු කරලා කියලා දැනගත්තම දේ වුන්ග්ට ගොඩක් දුක හිතුනනේ නේද, තමන් ඒ ගැන හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා. ඒ වගේම හේ ඉන් අක්කට, මින් සෝක් නැන්දව මුණගැහිලා හරිම වැඩක් තමයි වුනේ නේද. එයා මී හෝ ගැන බොරු කේලම් ගොඩක් පැටෙව්වනේ. ඊට පස්සෙ මේ ගැන කලබල වෙලා මින් සෝක් නැන්දා හැමදෙයක්ම ගිහින් සීයට කිව්වනේ නේද. සීයා ආවනේ දේ වුන්ග්ව ගෙදර එක්කගෙන යන්න.
ඉතින් මේ කොටසේදී, සීයා දේ වුන්ග්ව ගෙදර එක්කගෙන යනකොට මී හෝ ට අසනීප වෙනවා. දේ වුන්ග් ළඟ නැති නිසා එයාට ගොඩක් අමාරු වෙනවා. හේ ඉන් අක්කා දැනගන්නවා තමන් කරපු වැඩේ නිසා දේ වුන්ග්ට ගෙදර යන්න සිද්ධ වෙලා කියලා. මී හෝ යනවා දේ වුන්ග්ගේ ගෙදර එයාව බලන්න. ඒ අතරේදී දේ වුන්ග් යනවා මී හෝ ව බලන්න. හේ ඉන් අක්කා දැනගන්නවා මී හෝ ගේ මොකක්හරි අමුත්තක් තියෙනවා කියලා. ඒක නිසා එයා මින් සෝක් නැන්දට කතා කරලා කියනවා දේ වුන්ග් ව පරීක්ෂණයකට ලක් කරන්න කියලා. ඒ වගේම මී හෝ ව ත් මොකක්හරි ක්‍රමයකින් රෝහලට ගෙන්න ගන්න ඕනේ කියලා හේ ඉන් අක්කා හිතනවා. ඉතින් ඇයගේ වැඩේ සාර්ථක වෙයිද. එහෙනම් මේ කොටසත් බලන්න.
නැවත අපි මුණගැහෙන්නෙ 10 වෙනි කොටසින්..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3524 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!