ඩීමන් ස්ලේයර් [S03 : E10] Sinhala Subtitles | ප්‍රේමණීය වියරුවෙන් අවසානය කරා… [සිංහල උපසිරසි]
මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 10, එහෙම නැත්නම් අවසාන කොටසට පෙර කොටස එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. දැන් කතාව මොන වගේද කියල හැමෝම දන්න නිසා වැඩි වර්ණනාවක් නැතුව, වෙනද වගේම අලුත් කොටසට යන්න කලින් මෙතෙක් කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.✌️
සැඟවුණු අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා සහ හතරවෙනි යක්ෂයා ප්රහාරයන් දියත් කරල අවසානයි. තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා, මීදුම් හෂිරා සහ ආදර හෂිරා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අවසානයි. ඉහළ හතරවෙනි යක්ෂයාගෙන් වෙන් වුනු හැඟීම් යක්ෂයින් හතරදෙනා ඒකාබද්ධ වෙලා එක් අයෙක් බවට පත් වෙමින් සැබෑ දරුණු යක්ෂයෙක් නිර්මාණය වීම නිසා තන්ජිරෝ, නෙසුකෝ, ගෙන්යා විසින් ඉහළ හතරවෙනියාට එරෙහිව ඇරඹි සටන තවත් දරුණු අතට හැරුනා.
එක් පැත්තකින් ගම විනාශ කිරීමේ අරමුණින් අසිපත් සාදන්නන්ගේ ගම්මානයට ප්‍රහාරය එල්ල කරපු ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන “ගියොක්කො” එක්ක මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ සටන තනිවම ඇරඹුවා. මුලදී නොයෙක් විජ්ජා දමමින් සටන දරුණු අතට හරවපු ගියොක්කොට එරෙහිව අවසානයේදී තමන්ගෙ සහජ හැකියාව එක්කම සටන දරුණු අතට හරවන්නට මුයිචිරෝ සමත් වුනා. ඒ වගේම සටන අතරතුරේදි මුයිචිරෝගේ අතීත කතාවත් අපිට දකින්න ලැබුනා. තරමක් දුක්බර අතීතයක් උරුම වුනු මුයිචිරෝ තොකිතෝ, තමන්ගේ Demon Slayer Mark එක අවධි කරගෙන තමන්ගෙ අද්විතීය හැකියාවන් ඔස්සේ ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හඹා යාම ඇරඹුවා. නොසිතූ විදිහට සීතල මීදුමක තනිවෙන ඉහළ නිළයේ පස්වෙනි යක්ෂයා වෙන ගියොක්කොගේ ගෙල හරිම පහසුවෙන් සිඳින්නට මුයිචිරෝ තොකිතෝ සමත් වුනා. තමන්ගේ ම්ලේච්ඡ කලා කෘති ගැන ආඩම්බරයෙන් හිටපු ඉහළ පස්වෙනියත් ඒ විදිහට අවසන් ගමන් ගියා. ඒ අනුව දැන් ඉහළ නිළයන් දෙකක් මරණය ළඟා කරගෙන ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අනිත් පැත්තෙන් සිද්ධ වෙන ඉහළ හතරවෙනි යක්ෂයාට එරෙහිව දිවෙන සටන විතරයි. ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජිත් මේ සටනට එකතු වෙලයි ඉන්නේ. ඉතින් Demon Slayer Season 3 හි අවසාන සටන, අවසාන කොටසට පෙර කොටසින් මේ විදිහට ආරම්භ වෙනවා.🔥
නරඹන්න එහෙනම් මේ උද්වේගකර කොටස. ඒ වගේම අපි ටිකෙන් ටික Demon Slayer Season 3 Swordsmith Village Arc හි අවසානයට ළං වෙලයි ඉන්නේ. ඒ කියන්නෙ මීළඟ කොටස, එහෙම නැත්නම් 11 වෙනි කොටස තමයි මේ Season 3 හි අවසාන කොටස වෙන්නෙ. එහෙනම් මීළඟට අවසාන කොටසින් මුණ ගැසෙමු. වෙනදා වගේම මේ උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. එතෙක් හැමෝටම ජය වේවා.👋
ලංකන් Weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප
Episode Name : Love Hashira Mitsuri Kanroji
Air Date : 2023.05.11
Runtime : 24 min.
IMDB Rating : 8.5
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7054 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Brother…
epi 11 ikmanata oneeeeeeeeeee
Thank You.Need epi 11 also . .
11 oneeeeeeeeeee
Thanks Brother
Niyamai bro . 10 sub denkam balagena hitiye. Eelg episode eke sub ekath puluwn taram ikmanin oni. Thanx
Thanks bro
සුපිරි ❤️
කවුරුවත් carnival raw එකේ සබ් dennnane
Ko carnival raw එකේ සබ්
Carnival raw sab dennko
Please carnival raw එකේ සබ් එක දෙන්නකෝ
Carnival raw එකේ සබ් oni
Carnival raw එකේ සබ් එක දෙන්නකෝ