Inside Edge [S03 : E05] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]
ආයුබෝවේවා! ක්‍රිකට් ගැන ඉන්දියානු කතාමාලාවකට ඇබ්බැහි කරවන්න සමත්වුන සීරීස් එක මොකක්ද කියලා ඇහුවොත් කෙලින්ම කියන්න පුලුවන් සීරීස් එක තමයි ඇමේසන්ලා විසින් නිකුත් කරපු ඉන්සයිඩ් එජ් කියන්නේ. Sports-Drama කාණ්ඩයට වැටෙන මේ කතා මාලාව මුල් සීසන් එකේ ඉඳන් පිස්සුවෙන් වගේ බලපු ගොඩක් අය ඉන්නවා ඇති. මුල් සීසන් වලට දායක වෙන්න නොහැකි වුනාට මේ සීසන් එකට උපසිරැසියක් කරන්න අවස්තාව උදා වුනා. ඒ වෙනුවෙන් බයිස්කෝප් ටීම් එකට ස්තූතියි කියමින් කතාංගය පැත්තට හැරෙමු.
මුල් සී්‍සන්වල පීපීඑල් ගැන විහිදුන කතාව මේ සීසන් එකේ ජාත්‍යන්තර ක්‍රිකට් පැත්තට ඇදෙන බව කලින් කතාංග බලපු අයට දැකගන්න ලැබෙන්න ඇති. අද කතාව ගැන ස්පොයිල් කරගන්න කැමති නැති අය කෙලින්ම සබ් එක ඩවුන්ලෝඩ් කරන් කමෙන්ටුවකුත් දාගන යන්න කියලා ආරාධනා කරනවා. අද කතාංගයේ මුලින්ම බලාගන්න පුලුවන් පකිස්ථානු කණ්ඩායම අවුරුදු 13කට පස්සේ ඉන්දියාවට තරඟාවලියක් සඳහා පැමිණෙනවා. හැබැයි අද කතාව ගොඩනැගෙන්නේ නම් අයිසීබී මුල් පුටුවේ සීතල යුද්ධේ ගැන. අයිසීබී මුල් පුටුවේ පාලනය තියෙන කෙනාට ක්‍රිකට් පාලනය කරන්න පුලුවන්කම ලැබෙනවා. ඉතින් අයිසීබී සාමාජිකයන්ගේ ඡන්දය ලබා ගැනීමේ තරඟය තමයි අද කතාව පුරාවට බලාගන්න පුලුවන් වෙන්නේ. දෙපාර්ශවයකින්ම සාමාජිකයන් ඩැහැගැනීමට කූඨ උපක්‍රම යොදනවා. එක එක පොරොන්දු දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ විශමාචාර, බලය තියෙන මිනිස්සුන්ගේ අකටයුතුකම් වගේ ක්‍රිකට් ක්‍රීඩාව වටා ගෙතුනු ප්‍රසිද්ධ රහස් ඔස්සේ ගලාගෙන යන අද කතාංගය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!
– ශසිත් සඳරුවන්
ආයුබෝවන් හැමෝටම! එහෙනම් අපි කතාවෙ හරි මැදකට ආවා. ලොකු ලොකු වෙනස්කම් ගොඩක් මේ කොටසෙදි සිද්ද වෙන්න නියමිතයි. කතාව පැත්තට හැරෙමුකෝ.
ඔයාලට මතක ඇති මුල ඉඳලම සරීනා ආස කරන්නෙ බලවත් වෙන්න. එයාව කවුරුත් පාලනය කරන එකෙන් වැළකෙන්න. එයාට ඒ උවමනාව ආවෙ කොහෙන්ද කියලා ඔයාලට දැනගන්න ලැබේවි. ඒ අතරෙ, අවුරුදු දහතුනකට පස්සෙ පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම ඉන්දියන් පොළවට පය තියනවා. මෙතනින් පස්සෙ මොන මොන පෙරළි සිද්ද වෙයිද? මොකද හැමෝම දන්නවනේ ඉන්දියාවයි පාකිස්තානෙයි කියන්නෙ නයයි මුගටියයි වගේ කියලා.
ICB සභාපති මැතිවරණය පැවැත්වෙන්න නියමිතයි. එහෙන් සරීනා එක්ක වික්‍රාන්ත්, මෙහෙන් භායිසාබ් සහ ප්‍රිතිෂ් එක්ක අයේෂා දෙවාන්. පළවෙනි සීසන් එකේ රතුපාටින්, දෙවෙනි සීසන් එකේ කොළපාටින් පෙනී හිටපු අයේෂා මේ පාර පෙනී ඉන්නෙ නිල් පාටින්. කතාවෙ නිර්මාපකයො කීවෙ රතුපාටින් කොළපාටට මාරු වුණා කියන්නෙ s*x වලින් සල්ලි වලට මාරු වුණා කියලයි. එහෙනම් නිල් පාටින් කියන්නෙ බලය වෙන්න ඇති.
කොහොම වුණත්, ඡන්ද එකතු කරගන්න මේ දෙගොල්ලට ලොකු ලොකු වන්දි ගෙවන්න වෙනවා. ඒත් ක්‍රිකට් ලෝකෙත් වෙනස් කරන වන්දියක් ගෙවන්න වෙන්නේ භායිසාබ්ට. ඒ මොකක් වෙයිද?
ඡන්දෙන් කවුරු දිනයිද? මේ කොටස රචනා කරන්නෙ Nidhie Sharma විසින්. පුරුදු විදියටම අධ්‍යක්ෂණය Kanishk Varmaගෙන්.
එහෙනම් ඔය කියපු ප්‍රශ්න ටිකට උත්තර හොයාගෙන එන්නකෝ.. අපි හයවෙනි කොටසෙන් මුණගැහෙමු.
– අංජලී මධුවන්ති
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1158 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට සහ “Anji (ඇන්ජි)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට
Thank you so much for the great job you did