A Simple Murder [S01 : E05] Sinhala Subtitles | මනිෂ්ගේ කෑදරකම. [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. A Simple Murder කතා මාලාවේ පස්වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.
පහුගිය කොටසෙදි මතක ඇතිනෙ ප්‍රාන් දවාස්ගෙ දුව එයාට වුණ අසාධාරණේ ගැන කියල වීඩියෝ එකක් අන්තර්ජාලයට දැම්මට පස්සෙ ප්‍රාන් දවාස් පණ්ඩිත්ට කියනව ඒ් දෙන්නව අල්ල ගන්න කියල. ඒ අතරෙ රිචාව හෝටලේ නාන කාමරේ හිර කරපු රාහුල් රිචා ගේ සල්ලි අරන් පැනල යනව. රාහුල් හින්ද අමාරුවේ වැටුණ රිචා ආයෙමත් මායම් දාලා අහිංසක මනිෂ්ව හෝටලේට ගෙන්න ගන්නව. රිචාගේ මූණවත් බලන්නෙ නෑ කියපු මනිෂ් රිචා කෝල් කරපු ගමන් හිම්මත් එක්ක රිචාව බලන්න හෝටලේට යනවා. ආයෙමත් රිචාගේ කතා වලට රැවටෙන මනිෂ් හිම්මත්ට ගහල රිචා එක්ක පැනල ගිහින් ලොජ් එකක නවතිනවා. මනිෂ්ගෙ නරක වෙලාවට ප්‍රාන් දවාස්ගෙ දුව නතර වෙලා ඉන්නෙත් ඒ් ලොජ් එකේමයි. ප්‍රාන් දවාස්ගෙ දුවව හොය හොයා ගිය පණ්ඩිත්ට මෙහෙදි ප්‍රාන් දවාස්ගෙ දුව එක්ක මනිෂ්වත් මුණ ගැහෙනවා. ඒ අතරෙදි ප්‍රාන් දවාස්ගෙ දුවගෙ අතින් පණ්ඩිත්ට වෙඩි වදිනවා.
මේ තරම් දේවල් සිද්ධ වුණාට පස්සෙවත් රිචා හැදෙයිද? හිම්මත් මනිෂ්ට මොනව කරයිද? එතකොට අර සල්ලි බෑග් එක රාහුල්ට පරිස්සම් කර ගන්න පුළුවන් වෙයිද? සන්තෝෂ් තමන්ගෙ සල්ලි හොයා ගනියිද කියල අද කොටසෙන් බලමු.
මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්ත මයුර සුරාජ් මල්ලිට ස්තූතිවන්ත වෙනවා. තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1071 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ස්තූතියි අක්කේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සබට තුති අක්කා. ජයවේවා..
සබට තුති වේවා අක්කේ ❤️
Thanks for sub